ක්‍රිකට් ගැන අර්ජුන සමග කථා කිරීමට නාමල් සූදානම්

0
Sri Lanka Cricket - ක්‍රිකට් ගැන අර්ජුන සමග කථා කිරීමට නාමල් සූදානම්
ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතා ඇතුළු ශ්‍රී ලංකාව නියෝජනය කළ සියලුම නායකයන් සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තුවන බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පැවැසීය.

කටුනායක ගුවන් තොටුපොළේ නිරීක්ෂණ චාරිකාවකට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය යොමුකළ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඔහු මේ බව පැවැසීය.

“ඉදිරි කාල සීමාව තුළදී ලංකාව නියෝජනය කළ අර්ජුන රණතුංග මහතා ඇතුළු සියලුම නායකයින් සමඟ සාකච්ඡා කර ඔවුන්ගේ අදහස් ලබාගන්න බලාපොරොත්තු වෙනවා.

විශේෂයෙන්ම ක්‍රිකට් ග්‍රාමීය මට්ටමෙන් සහ පාසල් මට්ටමෙන් දියුණු කරන්නේ කොහොමද කියලා ඔවුන්ගේ අවධානය ඒ සඳහා යොමු කරන්නත් බලාපොරොත්තු වෙනවා.

ඒ වගේම ක්‍රිකට් පාලක මණ්ඩලය, තේරීම් කමිටුව සහ ජනාධිපතිවරයා සමග සාකච්ඡා කර ඉදිරි වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා.

අපට හොඳ සැලැස්මක් තිබෙනවා එම සැලැස්මට අනුව ඉදිරියේදී ජයග්‍රහණවලට යන්න පුළුවන් බව විශ්වාස කරනවා.”