ගුරු හා විදුහල්පති වැඩවර්ජනය අද දිනයේදීත්

0
වැඩවර්ජනය අද දිනයේදීත්

තම ඉල්ලීම්වලට මේ දක්වා රජය අවධානය යොමු නොකිරීම හේතුවෙන් වැඩවර්ජනය අද දිනයේදීත් ක්‍රියාත්මක කරන බව ගුරු හා විදුහල්පති සංගම් පවසති. ඔන්ලයින් ඉගැන්වීමේ ක්‍රමවේදයෙන් ඉවත්වෙමින් ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගය අද (13) දිනයේත් ක්‍රියාත්මක කරන බව ගුරු හා විදුහල්පති සංගම් පවසති.

ගුරු සංගම් නායකයින් බලහත්කාරයෙන් නිරෝධායනයට රැගෙන යෑමට විරෝධය පළ කරමින් ගුරු සංගම් 14ක් ඊයේ ආරම්භ කළ වැඩවර්ජනය හේතුවෙන් ඔන්ලයින් අධ්‍යාපනය කටයුතු මුළුමනින්ම අඩපණ විය.

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනතට එරෙහිව පසුගිය 8 වැනිදා විරෝධතාවයේ නිරත වු වෘත්තීය සමිති නියෝජිතයින් කිහිපදෙනකු බලහත්කාරයෙන් නිරෝධායනයට යොමු කිරීමට එරෙහිව ගුරු සංගම් ඊයේ විරෝධතාවය ආරම්භ කර තිබුණි.

ඒ අනුව ලංකා ගුරු සංගමය, ලංකා ගුරුසේවා සංගමය ඇතුලු ගුරු සංගම් 14ක් ඊයේ සිට ඔන්ලයින් අධ්‍යාපන ලබාදීම, උසස් පෙළ විභාග අයදුම්පත් ඔන්ලයින් ක්‍රමයට ඉදිරිපත් කිරීම හා ප්‍රාදේශීය ඉගෙනුම් සම්පත් මධ්‍යස්ථානවල රාජකාරිවලින් ඉවත් විය.