පාසල් ආරම්භය ගැන අධ්‍යාපන ඇමතිගෙන් ඉඟියක්

0
School Open Day Hint - පාසල් ආරම්භය ගැන අධ්‍යාපන ඇමතිගෙන් ඉඟියක්

පාසල් ගුරුවරුන්ගේ එන්නත්කරණ කටයුතුවලින් අනතුරුව පාසල් ආරම්භ කිරීමේ මූලික පියවර ලබන අගෝස්තු මාසයේ දී ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පවසයි.

පාසල් ගුරුවරුන් සහ අනධ්‍යයන කාර්ය මණ්ඩල සඳහා කොවිඩ් මර්දන එන්නත් ලබාදීම අද (12) නිල වශයෙන් ආරම්භ කෙරුණු අතර එම අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

ඒ අනුව අද දිනය තුළ කොළඹ කලාපය ට අයත් සියලුම ගුරුවරු එන්නත් කර අවසන් කරන බවත් හෙට (13) දිනයේ දී මෙම වැඩසටහන සම්පූර්ණ කරන බව ද අමාත්‍යවරයා පැවසීය.

රට පුරා ගුරුවරු 242,000ක් සිටින බවත් දැනටමත් ගුරුවරු වැඩි ප්‍රමාණයකට එන්නත ලබාදී අවසන් බවත් අමාත්‍යවරයා කියා සිටියේය.

“මාර්ගගත අධ්‍යාපනය කළ යුතු දෙයක් මෙවන් තත්ත්වයක් තුළ. හැබැයි මම මොහොතකටවත් විශ්වාස කරන්නේ නෑ පන්ති කාමරයේ ඉගැන්වීමට හැම අතින්ම සතුටුදායක විකල්පයක් කියලා දුරස්තථ හෝ මාර්ගගත අධ්‍යාපනය. එහි යම් යම් දෝෂ තියෙනවා. ඒ නිසා පාසල් මේ විදියට දිගින් දිගටම වහලා තියන්න බෑ. මුළු රටම විවෘත කිරීමේ කොටසක් විදියට අපි පාසල් විවෘත කරනවා. පියවරෙන් පියවර සෞඛ්‍ය උපදෙස්වලට යටත්ව. එන මාසයේ අගෝස්තු මාසයේ දී මෙහි ප්‍රථම පියවර ගැනීමට බලාපොරොත්තු වෙනවා.”