අම්මාගේ හත්දවසේ දානය නිම වෙද්දි දුවයි පුතයි දෙන්නත් මරු තුරුළේ

0

යතුරු පැදියක් අද (06) දහවල් කටුබැද්ද ප්‍රදේශයේදී ලොරියක ගැටීමෙන් එහි ගමන්ගත් දෙදෙනාම මිය ගොස් ඇතැයි මොරටුව පොලිසිය සඳහන් කළා.

මෙලෙස මියගොස් ඇත්තේ බණ්ඩාරගම අලුබෝමුල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි සහෝදරයෙකු හා ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචි ව සිටි සහෝදරියකයි.

පිරිමි පුද්ගලයා 52 හැවිරිදි අයෙකු වන අතර ඔහුගේ සහෝදරිය 55වන වියේ පසු වුණා.

ඔවුන් තම මවගේ හත් දවසේ දාන පිංකම නිමා කර පැය කිහිපයක පසුව නිවෙස් වෙත යමින් සිටියදී කසළ පුරවමින් සිටි ටිපර් රථයේ ගැටී අනතුර සිදුව තිබුණා.