නාමල් කරුණාරත්න සහ සමන්ත විද්‍යාරත්න අත්අඩංගුවට ගන්නැයි නියෝග

0

සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න සහ ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට අධිකරණය පොලිසියට නියෝග කර තිබෙනවා.

ඒ නිරෝධායන නීති කඩ කරමින් බදුල්ල බොරලන්ද ප්‍රදේශයේදී විරෝධතාවක් පැවැත්වීමට අදාළවයි.