15 දැරිය අපයෝජනය කළ මිහින්තලේ ප්‍රා. උප සභාපති පොහොට්ටුවෙන් පන්නයි

0
SLPP - 15 දැරිය අපයෝජනය කළ මිහින්තලේ ප්‍රා. උප සභාපති පොහොට්ටුවෙන් පන්නයි
බාලවයස්කාර දැරියක් ලිංගික අපයෝජනයට ලක් කළ බවට චෝදනා ලැබ අත්අඩංගුවට ගෙන සිටින මිහින්තලේ ප්‍රාදේශීය සභාවේ උප සභාපති ලලිත් එදිරිසිංහ මහතාගේ පක්‍ෂ සාමාජිකත්වය අත්හිටුවීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පියවර ගෙන ඇත.

එම ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී, නීතීඥ සාගර කාරියවසම් මහතාගේ අත්සනින් නිකුත් කළ ලිපියක් මගින් මේ බව මිහින්තලේ ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයාට දැනුම් දී තිබේ.

මෙම තීරණයට අදාළ චෝදනා පත්‍රය උප සභාපතිවරයාට ඉදිරියේදී ලැබීමට සලස්වන බවද සාගර කාරියවසම් මහතා සඳහන් කර ඇත.

මින් ඉදිරියට නැවත දැනුම්දෙන තුරු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන් හෝ එහි සාමාජිකයකු ලෙස පෙනී සිටීමට ඔහුට කිසිඳු හිමිකමක් නැතැයි සාගර කාරියවසම් මහතා යොමු කළ ලිපියේ දැක්වේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන කිසියම් පළාත් පාලන ආයතන සභිකවරයකු බරපතල දූෂණ චෝදනාවක් වැනි චෝදනාවක් ලැබූ අවස්ථාවකදී ඔවුන්ගේ පක්‍ෂ සාමාජිකත්වය වහාම අත්හිටුවා විනයානුකූල ක්‍රියාමාර්ග ගත යුතු බවට පක්‍ෂයේ පළාත් පාලන ආයතන සභිකවරුන් ඒකමතිකව තීරණය කර ඇතැයි සභාපතිවරයා එම ලිපියෙහි සඳහන් කර ඇත.