දෙමාපියනි දරුවන් ගැන නිතරම අවධානයෙන් සිටින්න

0
Maskeliya Child - දෙමාපියනි දරුවන් ගැන නිතරම අවධානයෙන් සිටින්න

ගෙවත්තේ කපා තිබූ කුඩා වලකට වැටී අවුරුදු දෙක හමාරක පිරිමි දරුවෙකු ජීවි තක්ෂයට පත්ව තිබෙනවා.

මෙසේ ජීවි තක්ෂයට පත් වී ඇත්තේ මස්කෙලිය, බ්‍රවුන්ස්වික්, අක්කර 50 කොටසේ පදිංචි, ජයදුන්දරම් සුලක්ෂන් නැමති දරුවෙක්.

ඊයේ (29) පස්වරු 5.30 ට පමණ නිවසේ සිටි තම දරුවා නොසිටි බවත්, පසුව දරුවා සොයන අවස්තාවේ තම නිවසට ඉදිරියෙන් වු ගව පට්ටියේ අපද්‍රව්‍ය බැහැර කිරීම සඳහා කපා ඇති කුඩා වලක දරුවා වැටී සිටි බවත්, පසුව දරුවා ගොඩගෙන මස්කෙලිය ප්‍රාදේශිය රෝහල වෙත රැගෙන ගොස් තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ රෝහලට රැගෙන් යන අවස්ථාවේ එම දරුවා ජීවි තක්ෂයට පත්ව ඇති බවට තොරතුරු වාර්තා වී ඇති බවයි.

මිය ගිය දරුවාගේ සි රුර මස්කෙලිය මෘත ශරිරාගාරයේ තැන්පත් කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් මස්කෙලිය පොලිසිය පරික්ෂණ පවත්වනවා.