රට තුළ ප්‍රබල විය හැකි කොවිඩ් ප්‍රභේදයක් ගැන අනාවරණයක්

0
Delta Varaiant in Sri lanka - රට තුළ ප්‍රබල විය හැකි කොවිඩ් ප්‍රභේදයක් ගැන අනාවරණයක්
ඉදිරි සති 8ක කාලය තුළ මෙරට ප්‍රධානතම කොවිඩ් ප්‍රභේදය ඩෙල්ටා ප්‍රභේදය වියහැකි බවට වෛද්‍යවරුන් විසින් අනතුරු ඇඟවීම් සිදුකර ඇති බව රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසන්නීය.

ඇය පෙන්වා දෙන්නේ ජනතාව නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපැදීමට පියවර නොගතහොත් මෙය ඉතා බරපතළ තත්ත්වයක් වනු ඇති බවය.

“විශේෂයෙන්ම මේ වෛරස් ප්‍රභේද ගැන පර්යේෂණ සිදුකරන විශේෂඥයින් අනතුරු අඟවලා තියෙනවා ආරක්ෂිත පියවර නොගත්තොත් තව සති 8ක් 10ක් යනකොට රටේ ප්‍රධාන වෛරස් ප්‍රභේදය බවට මේ ඩෙල්ටා ප්‍රභේදය පත්වෙයි කියලා.”