ලොව භයානකම කොවිඩ් ප්‍රභේදය ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් කළ අනාවරණය

0
WHO - ලොව භයානකම කොවිඩ් ප්‍රභේදය ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් කළ අනාවරණය
ඉන්දියාවෙන් ප්‍රථම වරට හඳුනා ගත් කොවිඩ් -19 ඩෙල්ටා ප්‍රභේදය “වේගවත්ම හා භයානකම ” කොරෝනා වෛරස ප්‍රභේදය බවත් එය දැනටමත් රටවල් 92ක ව්‍යාප්තව ඇති බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.

එම වෛරස ප්‍රභේදය සම්ප්‍රේෂණය වීමේ හැකියාව සහ මාරාන්තික බවින් ඉතා වැඩි නිසා මින් පෙර හඳුනා ගෙන තිබූ කොවිඩ් ප්‍රභේදයන්ට වැඩ සැබවින්ම මෙය භයානක බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ,සෞඛ්‍ය හදිසි වැඩසටහනේ විධායක අධ්‍යක්ෂ වෛද්‍ය මයික් රයන් පවසනවා.

මේ අනුව අධික ලෙස සම්ප්‍රේෂණය වන ඩෙල්ටාව ගෝලීය වශයෙන් ප්‍රමුඛ ප්‍රභේදය බවට පත්වෙමින් සිටින බවට ලෝක සෞඛ්‍ය සංවිධානයපවසනවා.

ආචාර්ය රයන් පැවසුවේ සියලුම කොවිඩ් ප්‍රභේදයන් මාරාන්තික නමුත් ඩෙල්ටා ප්‍රභේදය අධි මාරාන්තික බවත් මිය යෑමේ අවදානම ඉතා ඉහළ බවයි.