පැල් රකිමින් සිටි අම්මයි පුතයි විදුලි සැර වැදී මරුට (වීඩියෝ)

0
Electric shock - පැල් රකිමින් සිටි අම්මයි පුතයි විදුලි සැර වැදී මරුට (වීඩියෝ)
පොළොන්නරුව – හබරණ – කිතුල්උතුව ප්‍රදේශයේ පැලකට ඇද තිබූ අනවසර විදුලි රැහැනකින් සිදුවූ විදුලිය කාන්දුවකින් විදුලි සැර වැදී මවක සහ පුතෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අද අලුයම මෙලෙස මියගොස් ඇති මවගේ වයස අවුරුදු 45ක් වන අතර දරුවා 13 හැවිරිදි වියේ පසුවනවා.

නිවසට යාබදව තිබූ වගාවක පැල් රකිමින් සිටියදී මොවුන් මෙම අනතුරට ලක්වුණා.

(hirunews.lk වෙබ් අඩවිය ඇසුරිනි)