පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු 10ම විවෘත කෙරේ

0
Parakrama Samudra - පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු 10ම විවෘත කෙරේ

පොළොන්නරුවට ඇදහැලුන අධික වර්ෂාව හේතුවෙන් පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු ‍‍10ම විවෘත කිරීමට පියවර ගෙන තිබේ.

මේ අනුව අද (05) සවස 3 වන විට පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු අඩි 2 බැගින් විවෘත කිරීමට කටයුතු කළ බව පොළොන්නරුව කලාපය බාර වාරිමාර්ග කාර්යාලය පවසයි.

පරාක්‍රම සමුද්‍රයෙන් තත්ත්පරයට ඝන අඩි 1,400ක ජල ප්‍රමාණයක් අඹන් ගඟ ඔස්සේ මහවැලි ගඟට මුදා හැරේ.

පත්බිම්වල ජීවත් වන්නන් විමසිල්මත්ව කටයුතු කරන ලෙස පොළොන්නරුව ආපදා කළමනාකරණ ඒකකය සඳහන් කරයි.

මේ අතර පවතින අධික වර්ෂාව හේතුවෙන් පොළොන්නරුව, පිඹුරත්තෑව ජලාශය ද වාන් දැමීමට පටන්ගෙන තිබේ.