නැවත වරක් පී සී ආර් පරික්ෂණ අඩුකර ඇති බව රවී කුමුදේශ් කියයි

0
Ravi Kumudesh - නැවත වරක් පී සී ආර් පරික්ෂණ අඩුකර ඇති බව රවී කුමුදේශ් කියයි
කොවිඩ් රෝගීන් හදුනාගැනීම සදහා සිදුකරන පී සී ආර් පරික්ෂණ ප්‍රමාණය නැවත වරක් අඩු කරමින් රෝගීන් වාර්තාවීම කෘත්‍රීම ආකාරයෙන් පහත දැමීමට බළධාරින් ක්‍රියාකරමින් සිටින බවට වෛද්‍ය රසායනාගාර වෘත්තීයවේදීන්ගේ සංගමය චෝදනා කරනවා.

මෙය ඉතාමත් බරපතල අවදානම් තත්වයක් බවයි එහි සභාපති රවී කුමුදේශ් මහතා පෙන්වා දෙන්නේ.

කොවිඩ් වසංගතයේ පැතිරීම අද වනවිට කුමන තත්වයක පවතින්නේද යන්න නිශ්චිතවම හඳුනාගැනීම සදහා ඇති එකම විසඳුම සමාජයෙන් අහඹු ලෙස ලබාගන්නා සාම්පල පරික්ෂා කිරීම පමණක් බවද රවී කුමුදේශ් මහතා කියා සිටියා.

කොරෝනා වසංගතයේ දැඩි අවදානමකට මුහුණදී සිටියද අද වනවිටත් කොරෝනා ආසාදිතයින්ගේ කොරෝනා ප්‍රභේද හදුනා ගැනීමට කිසිදු වැඩපිළිවෙලක් සෞඛ්‍ය අමාත්‍යංශයට නොමැති බවටද රවී කුමුදේශ් මහතා චෝදනා කර සිටියා.

දැනට ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය මගින් සිදුකරන ප්‍රභේද පරික්ෂණ පමණක් ප්‍රමාණවත් නොවන බවයි ඔහු පෙන්වා දුන්නේ.