කොවිඩ් පාලනය සඳහා සමාජය අනුගමනය කලයුතු යහපත් පුරුදු පහක් ලෝක සෞඛ්‍ය සංවිධානය හඳුනා දෙයි.
මීට පෙර එම යහපත් පුරුදු වශයෙන් දක්වා තිබුණේ අංග හතරකි.
ඒ අනුව
- මුව ආවරණ භාවිතය
- දෑත් පිරිසිදු කිරීම
- පුද්ගල දුරස්ත භාවය
- කහින හා කිවිසින විට වැළමිටෙන් ආවරණය කරගැනීම
මෙන්ම දොර ජනෙල් විවෘතව තැබීම ද ලෝක සෞඛ්‍ය සංවිධානය කොවිඩ් මර්දන උපායමාර්ගයක් ලෙස හඳුන්වා දී ඇත.