තවත් කොවිඩ් ආසාදිත මරණ 63ක් – මෙරට සමස්ථ මරණ සංඛ්‍යාව 2136ක් දක්වා ඉහළට

0
covid 19 deaths - තවත් කොවිඩ් ආසාදිත මරණ 63ක් - මෙරට සමස්ථ මරණ සංඛ්‍යාව 2136ක් දක්වා ඉහළට
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ගතවූ දිනයේදී කොවිඩ් ආසාදිත මරණ 63ක් තහවුරු කර තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 2136ක් ලෙසටයි.

ඊයේ දිනයේ තහවුරු කළ මරණවලින් 13ක් සිදුවී ඇත්තේ මැයි මස 23 වනදා සිට මැයි මස 31 වනදා දක්වා කාලය තුලයි.

මෙම මස පළමුවනදා සිට පෙරේදා (11) දිනය දක්වා සිදුවූ මරණ 51ක් ද කොවිඩ් ආසාදිත මරණ වශයෙන් තහවුරු කර තිබෙනවා.

කෙසේවෙතත් ඊයේ (12) දිනයේ මෙරටින් කොවිඩ් මරණ වාර්තාවී නොමැති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව කියාසිටියේ.

ඊයේ තහවුරු කළ මරණ 63 අතරට කාන්තාවන් 30 දෙනෙකු සහ පිරිමි පුද්ගලයන් 33 දෙනෙකු වනවා.

ඔවුන්ගෙන් 7 දෙනෙකු නිවසේදී මියගොස් ඇති අතර රෝහල් ගතකරන අවස්ථාව වන විට මියගිය සංඛ්‍යාව 09ක්.

රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින අතර 47 දෙනෙකු මියගොස් තිබෙනවා.

මෙරට කොරෝනා වෛරසය පිළිබඳ නවතම තත්ත්වය මෙතනින්