අසාමාන්‍ය ලෙස තෙල් මිල ඉහළ දැමීම මුල්කරගෙන ඇමැතිකමින් ඉල්ලා අස්වන ලෙසට පොහොට්ටුව මගින් ලිඛිතව දැනුම් දී සිටි අමාත්‍ය උදය ගම්මන්පිල මහතා අද (13) දිනයේදී ප්‍රවෘත්ති සාකච්ජාවක් පවත්වා පිළිතුරු ලබා දීමට අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සැරසේ.
අද පස්වරු 2.00ට මෙම සාකච්ජාව පැවැත්වීමට සැලසුම් කර ඇත.
මෙහිදී තෙල් මිල ඉහළ දැමීම පසුපස ඇති තොරතුරු රැසක් හෙළිදරව් කිරීමට අමාත්‍යවරයා සූදානමින් සිටින බවද වාර්තා වේ.
අමාත්‍ය උදය ගම්මන්පිල හට තෙල් මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් චෝදනා කරමින් ඔහුට සිය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වන ලෙස දන්වමින් පොදුජන පෙරමුණ විසින් ඊයේ දිනයේ නිවේදයක් නිකුත් කළේය.






















































