ඉන්ධන මිල ඉහළට – මිල වැඩි වූ විදිහ මෙන්න

0
ඉන්ධන මිල ඉහළට

සිපොට්කෝ සමාගම විසින් ඉන්ධන මිල ඉහළ දැමීමට තිරණය කර තිබෙනවා. ඒ අනුව ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පෙට්ට්‍රල් ඔක්ටේන් 92 ලීටරයක් රුපියල් 20කින්, ඔක්ටේන් 95 වර්ගයේ පෙට්ට්‍රල් ලීටරයක් රුපියල් 23කින් ඉහළ දමා ඇත.

එමෙන්ම ඔටෝ ඩිසල් ලීටරයක් රුපියල් 07කින් සහ සුපර් ඩිසල් ලීටරයක් රුපියල් 12කින් ද භූමිතෙල් ලීටරයක් රුපියල් 07 කින් ඉහළ දමා ඇති බවයි බලශක්ති අමාත්‍යාංශය නිවේදනය කර ඇත්තෙ.

‪ඒ අනුව ඔක්ටේන් 92 පෙට්ට්‍රල් ලීටරයක නව මිල රු.157ක් වන අතර ඔක්ටේන් 92 වර්ගයේ පෙට්ට්‍රල් ලීටරයක නව මිල රු. 184ක් ලෙස දැක්වෙනවා .‬

‪ඔටෝ ඩිසල් ලීටරයක නව මිල රු. 111ක් සහ සුපර් ඩිසල් ලීටරයක නව මිල රු. 144ක් ලෙස දැක්වෙනවා. ‬

‪භූමිතෙල් ලීටරයක නව මිල රු. 77කි.‬

ඉන්ධන මිල වැඩිකිරීමට අනුමැතිය හිමිවූ බව කියැවුනු අපගේ පෙර පුවත