පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව වසා දැමේ

0
ජනතාව ඒකරාශිවීම වැළැක්වීමේ අරමුණින්, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය සහ සියලු පළාත් කාර්යාලවල මහජන සේවාවන් නැවත දැනුම්දෙනතුරු අත්හිටුවා තිබෙනවා.  

කෙසේ වෙතත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ස්ථාපිත පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය කාර්යාල සඳහා ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමට අදාළ අයදුම්පත් භාරගැනීම තවදුරටත් ක්‍රියාත්මකයි.  

එසේම ඉදිරි දිනවලදී කළින් වේලාවන් වෙන් කරගත් සියලු අයදුම්කරුවන් සඳහා ජාතික හැඳුනුම්පත් සකස් කර තැපැල් මගින් යොමු කෙරෙනු ඇති.  

එසේම විභාග කටයුතු, සම්මුඛ පරීක්ෂණ, විදෙස් ගමන් බලපත්‍ර ලබාගැනීම වැනි හදිසි කටයුතු සඳහා ජාතික හැඳුනුම්පත් කඩිනමින් ලබාගැනීමට අවශ්‍ය නම් ඒ සඳහා ප්‍රධාන කාර්යාලයේ 011 5 22 61 26 හෝ 0115 22 61 00 අමතා වැඩිදුර තොරතුරු ලබාගත හැකි බවයි එම දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක සඳහන් කළේ.  

091 2228348 අංකයෙන් දකුණු පළාතේ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ පළාත් කාර්යාලය සහ 037 2224337 අංකයෙන් වයඹ පළාත් කාර්යාලය සම්බන්ධ කර තොරතුරු ලබාගැනීමේ හැකියාව පවතිනවා.  

මීට අමතරව 065 2229449 අංකයෙන් නැගෙනහිර පළාතේ ජනතාවට එම පළාත් කාර්යාලය හා සම්බන්ධ වීමේ හැකියාව ඇති අතර 024 2227201 අංකයෙන් උතුරු පළාත් කාර්යාලය සමග සම්බන්ධ විය හැකියි.