සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් පුද්ගලයින්ට එහි දෙවන මාත්‍රාව ලබාදීම අද (08) සිට සිදු කෙරෙනවා.
පළමු මාත්‍රාව ලබාදෙන අවස්ථාවේ නිකුත් කළ කාඩ් පතෙහි සදහන් කර ඇති දිනයට අනුව දෙවන මාත්‍රාව ලබාගත යුතු බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය සෞඛය සේවා අධ්‍යක්ෂක ජනරාල් හේමන්ත හේරත් මහතා සඳහන් කළේය.
අදාළ දිනයට සයිනෆෝම් එන්නතේ දෙවැනි මාත්‍රාව ලබා ගැනීමට නොහැකි වුවහොත් ඒ පිළිබඳව ප්‍රදේශය භාර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියා දැනුවත් කර වෙනත් දිනයක් ලබා ගත හැකි බව ද මෙහි දී ප්‍රකාශ කෙරුණා.



















































