මාලිමා මන්ත්‍රීට බ්‍රිතාන්‍ය වීසා නෑ. ඉංජිනේරු සුදුසුකම් බොරු නිසාදැයි සැකයක්

0
බ්‍රිතාන්‍ය වීසා

එක්සත් රාජධානියේ පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංසදය විසින් සංවිධානය කරන ලද “කෘත්‍රිම බුද්ධිය පිළිබඳ ආරක්ෂණ වැඩමුළුව” (AI in Security) සඳහා ශ්‍රී ලංකාව ඇතුළු තවත් පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල් රැසක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් සඳහා ආරාධනා කර තිබිණ. වෙස්මිනිස්ටර් ක්‍රමයේ මූලාරම්භය වන බ්‍රිතාන්‍යයේ වෙස්මිනිස්ටර් පාර්ලිමේන්තුව තුල ජනවාරි 27 වනදා සිට පුරා තෙදිනක් පැවැත්වෙන මෙම වැඩසටහන සදහා ශ්‍රි ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනෙකුට අවස්ථාව ලබා දී තිබිණ.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් ලංකාවට ලැබුනු අවස්ථාවන් දෙක ආණ්ඩු පක්ෂයට හා විපක්ෂයට සමව ලබා දී තිබූ අතර විපක්ෂයේ අවස්ථාව පරිගණක ඉංජිනේරුවෙකු වන මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර ගලප්පත්ති වෙතත් ආණ්ඩු පක්ෂයේ අවස්ථාව නුවර දිස්ත්‍රික්කය නියෝජනය කරන මන්ත්‍රීවරයෙකු වෙතත් ලබාදී තිබිණ. මෙම වැඩසටහන ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට ලැබෙන මහගු අවස්ථාවක් වන අතර, ගමන් වියදම් ඇතුළු වැඩසටහන සඳහා වන සම්පූර්ණ වියදම බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව මගින් දරණු ලබයි.

කෙසේ වෙතත් ආණ්ඩු පක්ෂය මගින් සුදුසුකම් ලත් මන්ත්‍රීවරයෙකු ඉදිරිපත් නොකිරීම හේතුවෙන් හෝ නිසි පරිදි වීසා අයදුම්පත ඉදිරිපත් නොකිරීම හේතුවෙන් ජාජබ මන්ත්‍රීවරයාට විසා ලබාදීමට බ්‍රිතාන්‍ය රජය කටයුතු කර නොතිබිණි. බ්‍රිතාන්‍යය විසින්ම කරන ලද ආරාධනාවක් අනුව රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍රයක් හිමි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට බ්‍රිතාන්‍යය විසින්ම වීසා ලබා නොදීම කණගාටුදායක සිදුවීමක් වන අතර එමගින් ශ්‍රී ලංකාවේ තරුණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට ලබා ගැනීමට තිබූ වටිනා අවස්ථාවක් අහිමිව ගොස් තිබේ.

මෙසේ මෙම අවස්ථාව අහිමි කරගෙන තවත් තරුණ මන්ත්‍රීවරයෙකු ද අවස්ථාව් නාස්ති කර තිබෙන්නේ ‘ඡන්ද පෝස්ටරයට පමණක්’ තොරතුරු තාක්ෂණ ඉංජිනේරුවෙක් වූ මහනුවර දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට ය. පාර්ලිමේන්තු වෙබ් අඩවිය පරීක්ෂා කළ විට එම පුද්ගලයාගේ අධ්‍යාපන හා වෘත්තීය සුදුසුකම් යටතේ කිසිවක් සඳහන් නොවේ.

කුමන කාරණයක් සඳහා හෝ බ්‍රිතාන්‍යය විසින් මෙම ජාතික ජන බලවේග මන්ත්‍රීවරයා පිළි ගෙන නොමැති අතර, අපට නගන්නට තිබෙන ප්‍රශ්නය වන්නේ ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් 159 දෙනා අතර, මෙවන් වැඩමුළු සඳහා සහභාගී කරවා ගැනීමට සුදුසු කිසිදු පුද්ගලයෙකු නොමැති ද යන්න ය.