මහින්දගේ ඡන්දයට වැඩකලාට තෑගි ලෙස ජවිපෙට නොමිලේ ලබා දුන් ගුවන් විදුලි නාලිකාවක් සහ මහජන සංඛ්‍යාත වෙනකෙකුට අලෙවි කිරීමේ චෝදනාවට එරෙහි පරික්ෂණ ඇරඹේ

0
ගුවන් විදුලි නාලිකාවක් සහ මහජන සංඛ්‍යාත

2004/2005 මහින්ද රාජපක්ෂ පාලනය යටතේ ජනතා විමුක්ති පෙරමුණ විසින් තුටු පඬුරක් ලෙස ලබා ගන්නා ලදැයි කියන ගුවන් විදුලි නාලිකාවක් සහ මහජන සංඛ්‍යාත අලෙවි කිරීමක් සම්බන්ධයෙන් සිවිල් පුරවැසි අරගල ව්‍යාපාරය, අල්ලස් හෝ දූෂණ කොමිසම වෙත කරන ලද පැමිණිල්ල එම කොමිෂන් සභාව විසින් සළකා බලා තිබේ.

අනුව, රජයෙන් ගුවන් විදුලි නාලිකාවක් සහ රජයෙන් නොමිලේ ලබා ගෙන ඇති මහජන සංඛ්‍යාත අලෙවි කිරීමක් සම්බන්ධව වන පැමිණිල්ල කොමිෂන් සභාවේ අවධානයට යොමු කිරීමෙන් අනතුරුව, ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව වෙතින් වාර්තාවක් කැඳවන ලද බවත්, එම වාර්තාවේ කරුණු සහ පැමිණිල්ලේ සඳහන් කර ඇති කරුණු සැලකිල්ලට ගත් කොමිෂන් සභාව, එම පැමිණිල්ල සම්බන්ධයෙන් මූලික විමර්ශනයක් සිදු කිරීමට තීරණය කර ඇති බවත්, සිවිල් පුරවැසි අරගල ව්‍යාපාරය වෙත දන්වා තිබේ.

ගුවන් විදුලි නාලිකාවක් සහ මහජන සංඛ්‍යාත