කොළඹ කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් තිලිණ ගමගේ හෙට (ජන. 1) සිට ක්‍රියාත්මක වන පරිදි මොරටුව දිසා විනිසුරුවරයා ලෙස ස්ථාන මාරු කිරීමට අධිකරණ සේවා කොමිෂන් සභාව පියවර ගෙන තිබේ.
කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය ලෙස පත් කර ඇත.
ඒ අනුව, කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ පුරප්පාඩුව සඳහා ගල්කිස්ස මහේස්ත්‍රාත්වරිය පත්කිරීමට ද අධිකරණ සේවා කොමිෂන් සභාව පියවර ගෙන තිබේ.
රුපියල් ලක්ෂ අනූවක අල්ලසක් ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින බස්නාහිර පළාත් සභා හිටපු මන්ත්‍රී සලෝචන ගමගේ තමාගේ සහෝදරයෙකු වන බැවින් ඊට අදාළ නඩුව විභාග කිරීම සඳහා වෙනත් මහේස්ත්‍රාත්වරයෙකු පත් කරන ලෙස දන්වමින් කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ අධිකරණ සේවා කොමිෂන් සභාව වෙත පසුගිය දා ලිඛිත දැනුම් දීමක් ද කර තිබුණු අතර එවන් පසුබිමක් තුළ මෙම ස්ථාන මාරු කිරීම් සිදු කර ඇත.