ජනාධිපති අනුර දිසානායක මහතාගේ ඉන්දීය සංචාරය අතරතුර දෙරටේ නායකයන් පවත්වන ලද ඒකාබද්ධය මාධ්‍ය හමුවේදී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා විසින් සිදු කරන ලද ඇතැම් ප්‍රකාශ ඒකාබද්ධ ප්රකාශනයේ සඳහන්ව නැතැයි විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා සඳහන් කරයි.
ශ්‍රී ලංකාවේ රජය දෙමළ ජනතා අපගේ බලාපොරොත්තු ඉටු කරනු ඇති බවටත් ඒ අනුව ව්‍යවස්ථාව සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කිරීමත්, පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා කැපවීම ඉටුකරනු ඇති බවටත් විශ්වාස කරන බවට නරේන්ද්‍ර මෝදි අගමැතිවයරයා විසින් කරන ලද ප්‍රකාශයක් පිළිබඳව කළ විමසීමකදී ඔහු බව කියා සිටියේය.
ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට එරට ජනතාව වෙනුවෙන් එවන් ප්‍රකාශයක් කිරීමේ අයිතිය ඇති බව පිළිගන්නා නමුත් දෙරට විසින් අත්සන් තබන ලද ඒකාබද්ධ ප්රකාශනයේ එවන්නක් නැති බවද හෙතෙම කියා සිටියේය.
අද රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව පැවසුවේය.
එට්කා’ ගිවිසුමට වත්මන් රජය තවම අත්සන් කර නෑ. සාකච්චා පමණයි
ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර ආර්ථික හා තාක්ෂණික සහයෝගිතා ගිවිසුම නොහොත් ‘එට්කා’ ගිවිසුමට වත්මන් රජය අත්සන් කර හෝ එය ක්‍රියාත්මක කිරීමට කිසිදු අවස්ථාවක කටයුතු කර නොමැති බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.
කෙසේ නමුත් මීට දශක කිහිපයකට පෙර අත්සන් කළ ඉන්දු – ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම යාවත්කාලීන කිරීමේ බලාපොරොත්තුවක් තිබෙන බව හෙතෙම පැවසීය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගියදා සිදුකළ ඉන්දියානු සංචාරයේදී විවිධ ගිවිසුම් ක්‍රියාත්මක කිරීමට අත්සන් කළ බවට පළවන වාර්තාවලට ප්‍රතිචාර ලෙස ඔහු මේ බව පවසා සිටියේය.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමෙන්තුවේ අද (20) පෙරවරුවේ පැවති විශේෂ ප්රවෘත්ති සාකච්ඡාවේදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
“දෙරට අතර මීට පෙර අත්සන් කළ නිදහස් වෙළෙඳ ගිවිසුමක් තියෙනවා. එම ගිවිසුමට අනුව කටයුතු කරමින් තියෙනවා. එය යාවත්කාලීන කිරීමේ අවශ්යාවකුත් තියෙනවා. අපි ඉදිරියට බලාපොරොත්තුවෙනවා වෙළෙඳපොළ පුළුල්වීමත් එක්ක මීට දශක කිහිපයට පෙර අත්සන් කළ මෙම ගිවිසුම අලුත් කරලා ඉදිරියට ගෙනයන්න. එමෙන්ම එට්කා පිළිබඳ සාකච්ඡාව ඉදිරියට ගෙනියන්න අපි කටයුතු කරලා තියෙන්නේ. එහෙම නැතුව ඉන්දීය සංචාරයෙන් පසු එට්කා ගිවිසුමට අත්සන් කරලා…,එට්කා ගිවිසුම ක්‍රියාත්මක කරනවා…එහෙම එකක් කොහෙත්ම නෑ. අපි පැහැදිලිව අවධාරණය කරන්න කැමතියි අපේ රටේ ආර්ථිකයට හානිදායක වෙන ගිවිසුම්වලට අපි කොහොත්ම එළඹෙන්නේ නෑ. ඒක අපේ මූලික ප්‍රතිපත්තිය. දෙරටේම ආර්ථිකයේ සහ වෙළෙඳාමේ දියුණුව වෙනුවෙන් කටයුතු කරන්න අපි ඕනම වෙලාවක සූදානම්. ඒක අපි ඉන්න පැහැදිලි ස්ථාවරය”.