වල් අල් ප්‍රහාරයෙන් මියගිය දෙදරු පියාට කොරෝනා – ගමම නිරෝධායනයට (Video)

0
Covid death - වල් අල් ප්‍රහාරයෙන් මියගිය දෙදරු පියාට කොරෝනා - ගමම නිරෝධායනයට

හම්බන්තොට කැටැන්වැව උදාගම්මානයක දී වල් අලියකු පහරදීමකින් මිය ගිය පුද්ගලයාට කොරෝනා ආසනය වී ඇති බවට තහවුරු වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

36 හැවිරිදි දෙදරු පියකු වන චානක කාරියවසම් නැමැති අය වල් අලි පහරදීමකින් ඊයේ (5) ජීවිතක්ෂයට විය.

මිය ගිය පුද්ගලයාගේ සිරුර සම්බන්දයෙන් සිදු කරනු ලැබූ කොරෝනා පරීක්ෂාව අනුව කොවිඩ් වැලඳි ඇති බවට තහවුරු වී ඇත. ‍

ගම්මානයේ සියළුම පවුල් සහ නිවැසියන්ද හදිසි මරණ පරීක්ෂක, පොලිස් නිළධාරියකු සහමහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකු මෙම හේතුව මත නිරෝධායනට යොමු කළ බව සෞඛ්‍ය අංශ කියයි.