මෙරට දිනක් තුළ වැඩිම කොරෝනා ආසාදිතයින් ගණන ඊයේ වාර්තා වෙයි

0

නව කොරෝනා ආසාදිතයින් 1716 දෙනෙකු ඊයේ(01) වාර්තා විය.

එය එක් දිනක් තුළ මෙරට වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතයින් ගණන වේ.

මෙරට කොරෝනා ආසාදනය වී ඇති සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව මේ වනවිට 109,862කි.

තවත් කොරෝනා මරණ 9 ක් ඊයේ (01) වාර්තා විය.

එලෙස මියගොස් ඇත්තේ , පිරිමි පුද්ගලයින් 08 දෙනෙකු හා කාන්තාවකි .

ඔවුන් කරදන, අවිස්සාවේල්ල, රුවන්වැල්ල, දේවාලගම, මාවනැල්ල, යක්විල, වලපනේ, රත්නපුර සහ කුලියාපිටිය ප්‍රදේශවල පදිංචිකරුවන්.

ඒ සමග කොරෝනා වෛරසය ආසාදනයවීමෙන් මෙරට මියගොස් ඇති පුද්ගලයින් සංඛ්‍යාව 687 ක් දක්වා ඉහළ ගියේ ය

මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ආසාදිතයින් සංඛ්‍යාව 12,697 කි.

කොරෝනා ආසාදනයෙන් සුවය ලැබූ සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 96,478 බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේය.

මේ අතර හුදකලා කර ඇති ප්‍රදේශයක පුද්ගලයකුට හදිසි අසනීපයක් ඇතිවුවහොත් එම පුද්ගලයා රෝහලට රැගෙන යා හැකි බව පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක , නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ , ඒ සඳහා කිසිදු අවසරයක් ලබා ගැනීමට අවශ්‍ය නොවන බවය.