පොල් සහල් හිඟයට රජය ගෙන ඇති විසඳුම

0
පොල් සහල් හිඟය

වෙළඳපොළ තුළ පවතින සහල් හිඟයට විසඳුමක් ලෙස අද (දෙසැ. 4) සිට දිනකට සහල් කිලෝග්‍රෑම් ලක්ෂ 2ක් සතොස මගින් බෙදා හැරීමට රජය තීරණය කර තිබේ.

වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මේ පිළිබඳව අද පාර්ලිමේන්තුවේදී සඳහන් කළේ ය.

අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, සතොස හරහා සහල් කිලෝග්‍රෑම් 1ක් රුපියල් 220කට මිල දී ගැනීමට හැකි බව ය.

වෙළඳපොළ තුළ පවතින සහල් හිඟය පිළිබඳව මෝල් හිමියන් සමග සාකච්ඡා කළ ඔහු පැවසීය.

අමාත්‍යවරයා වැඩිදුරට ත් සඳහන් කළේ, සහල් නිදහස් කිරීමට නොහැකි වී ඇත්තේ බැංකුවල පවතින ගැටලුවක් නිසා බව මෝල් හිමියන් ප්‍රකාශ කළ බව ය.

සතොසෙන් අඩු මිලට පොල්

පොල් සහල් හිඟය

ඉදිරි සති දෙක ඇතුළත පොල් ගෙඩි ලක්ෂ 10ක් තදාසන්න ප්‍රදේශවල බෙදා හැරීමට කටයුතු කරන බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ, අද (දෙසැ. 4) පාර්ලිමේන්තුවේදී ය.

ඒ අනුව, පොල් ගෙඩියක් රුපියල් 130ක මුදලකට සතොස හරහා ජනතාවට ලබා ගැනීමට හැකි බව අමාත්‍යවරයා සඳහන් කළේ ය.

ඔහු ප්‍රකාශ කළේ, නගරාසන්න ප්‍රදේශවල සිටින ජනතාව උග්‍ර පොල් ගැටලුවකට මුහුණ දෙන බව ත් එයට විසඳුම් ලෙස රජයේ ආයතන සතු වතුවල ඇති පොල් නිෂ්පාදන මෙලෙස ඉදිරි සති දෙක ඇතුළත ලබා ගැනීමට අමාත්‍යාංශ හරහා කටයුතු කරන බව ත් ය.