පොහොට්ටුවන් යලි අමාරුවේ නොදමන ලෙස නාමල්ට පොහොට්ටුවෙන්ම දන්වයි

0
slpp - පොහොට්ටුවන් යලි අමාරුවේ නොදමන ලෙස නාමල්ට පොහොට්ටුවෙන්ම දන්වයි

කඩා වැටී තිබූ අර්ථිකය නැවත ගොඩ ගැනිම සදහා කටයුතු කළ නායකයා ලෙස වත්මන් ජානාධිපති , ජනාධිපති ධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහාතා බව ගාල්ල උඩුගම මහජන ක්‍රිඩාංගණයේ පැවති ජන හමුවේ දී පර්ලීමේන්තු මන්ත්‍රි සම්පත් අතුකෝරල මහතා පැවසීය.

එම වකවානුවේ රුපියල් හතලිස්දහසකටවත් යූරියා මිටියක් ලබා ගැනිමට නොහැකි වු බව පැවසීය.

2022 නීතියක් නොතිබු රටක නිතීය ස්ථාපිත කරේ වත්මන් ජානාධිපතිවරයා බව එහිදී පැවසීය .

රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය ඇති කරේ ද වත්මන් ජනාධිපතිවරයා බව මන්ත්‍රීවරයා පැවසීය .

අර්ථිකය ගොඩ නැගීම සිදු කර ජනතාව රැකගත් නායකයාට ඉදිරි වසර පහ සදහා ද රට භාර දීම ජනතාවගේ යුතුකම බව මන්ත්‍රීවරයා පැවසීය.

පොදුජන පෙරමුණු ජනතාව අමාරුවේ නොදමන ලෙස ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටින බව පර්ලීමේන්තු මන්ත්‍රී සම්පත් අතුකෝරල මහතා එහිදී සඳහන් කළේය.