ශික් හසිනා අග්‍රාමාත්‍ය දුරින් ඉවත් වී අන්තර්වාර ආණ්ඩුවක් පිහිටුවා බංග්ලාදේශයේ මේ වන විට දින දහයකට වඩා කාලයක් ගතවෙයි.
නමුත් මේ වන විටත් එරට පරිපාලන කටයුතු දැඩි අවුල් සහගත තත්ත්වයට පවතින්නේ යයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ආණ්ඩුවේ ආයතනවල ඉහළ නිලධාරින්ට විරුද්ධව පහළ සේවකයන් විරෝධතා සිදුකිරීම නිසා මෙම අවුල් සහගත තත්ත්වය ඇති වී තිබෙයි.
විරෝධතාකරුවන් දූෂිත නිලධාරින් ඉවත් කරන්නයි පවසන නිසා විවිධ ගැටලු මතු වී ඇත.
මෙම තත්ත්වය මත මහජනතාවට සිය සේවා සපයා ගැනීම ඉතා අසීරු වී තිබේ.
රජෙය් ඉහළ නිලධාරීන් ද තම තනතුරු අහිමිවි යනු ඇතැයි බියෙන් සිටිති.