ජිවන් තොණ්ඩමන් ඇතුළු සැකකරුවන් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගන්න නියෝග

0
ජිවන් තොණ්ඩමන්

ලංකා කම්කරු කොන්ග්‍රසයේ මහ ලේකම් සහ වතු යටිතල පහසුකම් හා ජල ප්‍රවාහන අමාත්‍ය ජිවන් තොණ්ඩමන් මහතා ඇතුළු සැකකරුවන් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසට නුවරඑලිය වැඩ බලන මහෙස්ත්‍රාත් ජයමිනී අඹගහවත්ත මහතා විසින් නුවරඑලිය පොලිසියට නියෝග කර ඇත.

පසුගිය මැයි (30) දින අමාත්‍ය ජීවන් තොන්ඩමන් මහතා ලංකා කම්කරු කොන්ග්‍රසයේ ආධාරකරුවන් පිරිසක් කැලණි වැලි සමාගම යටතේ පාලනය වන නුවරඑලිය පීඩෘ තේ කර්මාන්ත ශාලාවට බලහත්කාරයෙන් ඇතුළු වීමේ සිද්ධිය සම්බන්ධයෙන් නුවරඑලිය පොලිසිය විසින් නුවරඑලිය මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ (22) දින කරුණු වාර්තා කල අවස්තාවේ මහෙස්ත්‍රාත්වරයා විසින් එම නියෝගය කල බවයි වතු සමාගම වෙනුවෙන් අධිකරණය හමුවේ කරුණු වාර්තා කල ජ්‍යෙෂ්ඨ නීතිඥ පාලිත සුහසිංහ මහතා කියා සිටියේ.

2024.05.30 දින කැලණි වැලි වතු සමාගමට අයත් නුවරඑලිය පීඩෘ තේ කර්මාන්ත ශාලාව තුලට අමාත්‍යවරයා ඇතුළු ලංකා කම්කරු කොන්ග්‍රසයේ ආධාරකරුවන් පිරිසක් බලහත්කාරයෙන් ඇතුළු වී දණ්ඩ නීති සංග්‍රහයට පටහැනිව කටයුතු කරමින් ක්‍රියාකිරිම සම්බන්ධයෙන් නුවරඑලිය පොලිසිය මගින් අධිකරණය හමුවේ කරුණු වාර්තා කර තිබුණි.

අධිකරණය වෙත (22) දින ඉදිරිපත් වන ලෙසට අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා ඇතුළු සැකකරුවන් පිරිසට ලිඛිතව නුවරඑලිය පොලිසිය මගින් දැනුම් දි තිබු නමුත් සැකකරුවන් කිසිවෙක් අධිකරණය වෙත ඉදිරිපත් වි නොසිටි නිසා වතු සමාගම වෙනුවෙන් පෙනි සිටි නිතිඥයවරුන් අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කරනු ලැබුහ.

කැලණි වැලි වතු සමාගම වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නීතීඥ අනුර මැද්දේගොඩ  , ජ්‍යෙෂ්ඨ නීතීඥ පාලික සුභසිංහ මහතා සහ සුරේස් ගයාන් ගැන නීතිඥවරුන් පෙනි සිටිහ.