වෙඩි තැබීමකින් ඝාතනයට ලක්වු සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්තගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් අතුරුගිරිය ටැටූ ආයතනයේ හිමිකරු පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ පාපොච්චාරණයක් සිදුකර ඇත.
” ඩුබායිවලින් ආව කන්ට්‍රෑක්ට් එකට ක්ලබ් වසන්ත මරන්න මං උදව් කළා. ඒ ප්ලෑන් එක අනුව ටැටූ ෂොප් එකේ විවෘත කිරීමේ උත්සවයට වසන්තව ගෙන්නලා එයාව මරන සැලසුම ක්‍රියාත්මක කළා. ඒ වෙනුවෙන් මට ඩුබායිවලින් රුපියල් ලක්ෂ 10ක මුදලක් ලැබුණා”
මෙම ප්‍රහාරය යුරෝපයට පලාගොස් සිටින පාතාල කල්ලි නායක කංජිපානි ඉම්රාන්ගේ මෙහෙයවීමෙන් සිදුවී ඇති බවට පොලිසිය සැක කරන අතර ප්‍රහාරය එල්ල වූ ස්ථානයේ වැටී තිබූ T 56 හිස් පතරොම් කොපුවල KPI යන ඉංග්‍රීසි අක්ෂර සටහන් කර තිබුණේය.
අතුරුගිරිය නගර මධ්‍යයේ දෙමහල් ගොඩනැඟිල්ලක උඩු මහලේ ටැටූ ආයතනයක් විවෘත කිරීමට ගිය අවස්ථාවේ ක්ලබ් වසන්ත ඇතුළු පිරිසක් මෙම ප්‍රහාරයට ලක්වු අතර ප්‍රහාරයෙන් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත සහ නයන යන අයකු ඝාතනයට ලක්වූ බව පොලිසිය සදහන් කරයි.