ජූලි 2 විපක්ෂයේ මන්ත්‍රීවරුන් සිවු දෙනෙකු ආණ්ඩු පක්ෂයේ අසුන් ගැනීමේ සූදානමක

0
විපක්ෂයේ මන්ත්‍රීවරුන්

ජූලි මස දෙවැනි දා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුව අමතන අවස්ථාවේදී විපක්ෂයේ මන්ත්‍රීවරුන් සිවු දෙනෙකු ආණ්ඩු පක්ෂයේ අසුන් ගැනීමට සූදානමින් සිටින බව වාර්තාවේ.

ඔවුන් සියලු දෙනාම මේ පිළිබඳව ආණ්ඩුව සමඟ දැනටමත් සාකච්ඡා පවත්වා අවසන් බවද සඳහන්ය.

සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරයෙකුගෙන් මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී ඔහු පැවසුවේ එවැනි ආරංචියක් තමන්ට ද ලැබී ඇති බවයි.

මේ අතර රාජිත සේනාරත්න, චම්පික රණවක, සරත් ෆොන්සේකා යන මන්ත්‍රීවරුන්ද ආණ්ඩුව සමඟ සන්ධානගත වීමට සූදානමින් සිටින බව රජයේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

එළඹෙන දෙවෙනිදා ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව අමතමින් විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය.

ඉන් අනතුරුව එම ප්‍රකාශය සම්බන්ධයෙන් විවාදයක් ලබාදීමටද ආණ්ඩුව අදහස් කර සිටියි.