ඩොනල්ඩ් ට්‍රම්ප් හා ජනාධිපති ජෝ බයිඩන් අතර විවාදය උණුසුම් වෙයි

0
ඩොනල්ඩ් ට්‍රම්ප් හා ජනාධිපති ජෝ බයිඩන්

අමෙරිකා ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනා අතර පැවැත්වෙන පළමු විවාදය අද ජෝර්ජියා ප්‍රාන්තයේ ඇට්ලාන්ටා නගරයේ දී පැවැත්වුණි.

හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හා ජනාධිපති ජෝ බයිඩන් අතර විවාදය උණුසුම් මුහුණුවරක් ගෙන තිබූ අතර එය CNN නාලිකාව හරහා සජීවීව විකාශය කෙරුණි.

විදේශ ප්‍රතිපත්ති , ආර්ථික කළමනාකරණය හා ගබ්සාව සම්බන්ධයෙන් මෙහිදී වැඩි අවදානයක් යොමුවිය.

දෙපාර්ශ්වයක එකිනෙකාට අසත්‍ය ප්‍රකාශ කරන බවට චෝදනා කර සිටියේය.

දුර්වල විදේශ ප්‍රතිපත්ති හා ආර්ථික කළමනාකරණය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපති ජෝ බයිඩන්ව දැඩි විවේචනයකට ලක්කළේය.

යුක්‍රේන යුද ගැටුම් හා ගාසා අර්බුදය, අමෙරිකාවේ ප්‍රජාතන්ත්‍රවාදයට හානි කරමින් පවතින බව ට්‍රම්ප් මෙහිදී පෙන්වා දුන්නේය.

2020 වසරේ ජනාධිපතිවරණ ප්‍රතිඵල වෙනස් කිරීමට උත්සාහ කිරීම ඇතුළු අපරාධ චෝදනා සම්බන්ධයෙන් බයිඩන් ජනාධිපතිවරයා හිටපු ජනාධිපතිවරයාගෙන් ප්‍රශ්නකර සිටියේය.

විවාදයේ දී බයිඩන්ගේ ප්‍රතිචාර දැක්වීම් ඉතා දුර්වල මට්ටමක පැවති බව විශ්ලේෂකයින් පවසයි.