පොලිස් ප්‍රහාරයට විරෝධය ගුරු විදුහල්පති වැඩ වර්ජනය අදත්

0
ගුරු විදුහල්පති වැඩ වර්ජනය

ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය අද (27) දිනයේ දීද වැඩ වර්ජනයක නිරත වීමට තීරණය කර තිබේ.

ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් පැවසුවේ කොළඹදී ඊයේ පැවැත්වූ විරෝධතාවයට එල්ල කළ පොලිස් ප්‍රහාරයට විරෝධය පළ කරමින් මෙම විරෝධය  නිරත  වන  බවයි.

ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය ඊයේ කොලඹ පවත්වන ලද විරෝධතාව ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට ගමන් කිරීමේදී පොලිසිය විසින් කදුළු ගෑස් හා ජල ප‍්‍රහාරයක් එල්ල කලේය.