අවුරදු 14ක දැරියක පැහැරගෙන බංකරයක සඟවාගෙන සිටි 4 ක් මාට්ටු

0
අවුරදු 14ක දැරියක පැහැරගෙන

වයස අවුරදු 14ක දැරියක පැහැරගෙන ගොස් නිවසක කාමරයක පොලව යට සකස්කළ බංකරයක සඟවාගෙන සිටි පුද්ගලයකු හා ඔහුට අනුබල දුන් පුද්ගලයන් තිදෙනකු බුත්තල පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුලු කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ .

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ බුත්තල පදිංචි 25 හැවිරිදි තරුණයකු නිවසේ බංකය සකස් කළ ඔහුගේ මාමා හා දැරිය පැහැර ගැනිමට උදව් දුන් තරුණයන් දෙනෛකි.

දැරිය සිටි කටුගහල්ගේ නිවසට පැමිණි මෙම පුද්ගලයන් නිවසේ ඒළිමහනේ තිබු ජල කරාමයක් විවෘත කර තිබේ .

ඒහි ජලය යන බව ඇසි දැරියගේ පියා නිවසේ දොර විවෘත කර කරාමය වැසිමට පැමිණි අවස්ථාවේ අඹ ගසක් උඩ සැඟවි සිට පියාගේ ඇඟට පැන පොර බදා තිබේ . ඒ් අවස්ථාවේ පහරදි ඇති අතර ඒල්ල කරල පිහි පාරකින් දැරියගේ පියාගේ අත කැපි තිබේ. ඒ් අතර සැකකරුගේ මුහුූණු ආවරණය ගැලවි ඇති අතර මෙම සැකකරු ඒ් අවස්ථාවේ දැරියගේ පියා විසින් හදුනාගෙන තිබේ .

අනතුරුව නිවසට පැන දැරියගේ මවගේ කටේ ප්ලාසටරයක් අලවා පහරදි ඇති අතර පියාගේ කටේද ප්ලාස්ටරයක් අලවා දැරිය කරේ තබාගෙන නිවසින් පලාගොස් තිබේ .  මෙම් සිද්ධීය අතරවාරයේ දැරියගේ නැගනිය නිවසේ ඇඳ යට සැඟවි තබේ .

සැකකරුවන් ගෙන කළ දිර්ඝ ප්‍රශ්න කිරිමවලින් අන්තරුව සැකකරු නිවසේ සඟවා සිටි ආකාරය පොලිසියට හෙලිදිරව් කර තිබේ

දැරිය පැහැර ගනිමට යොදාගත් යතරුපැදිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තබේ .