ජනාධිපතිවරණයේදී චම්පික රණවකගේ සහාය ජනපති රනිල්ට. බැසිලුත් හමුවේ.

0
චම්පික රණවක

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා හා එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා අතර හමුවක් ඉකුත් අඟහරුවාදා දිනයේ සිදුව ඇති බව වාර්තා වේ.

ඊට දින කිහිපයකට පෙර අවස්ථා දෙකකදී සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාස මහතා අවස්ථා දෙකකදී මුණගැසීමෙන් හමුවීමෙන් අනතුරුව මෙම හමුව සිදුන ඇත.

මෙම හමුවන් සිදුව ඇත්තේ රංජිත් මධ්‍යුබණ්ඩාර හා මුජිබර් රහුමාන් යන මන්ත්‍රීවරුන්ගේ මැදිහත් වීමෙනි.

සමගි ජන බලවේගය හා එක්වීමට චම්පික රණවක මහතා ‍කැමැත්තෙන් සිටියද සජිත් ප්‍රේමදාස මහතාගේ පාර්ශවයෙන් ඒ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වා නැත.

ඇතිවී තිබෙන තත්ත්වය මත රනිල් වික්‍රමසිංහ මහතාට ඉදිරි ජනාධිපතිවරණයේදී සහාය ලබාදීමට චම්පික රණවක මහතා සූදානමින් සිටියි.

චම්පික රණවක

නමුත් පොදු ජන පෙරමුණද රනිල් වික්‍රමසිංහ මහතා සමග එක්ව කටයුතු කිරීමේදී ඇතිවන ප්‍රතිවිරෝධතා සමනය කරගැනීමේ අරමුණෙන් බැසිල් රාජපක්ෂ මහතා සමඟ පෙර කී හමුව සිදුව ඇති බවද සමීප ආරංචි මාර්ග වාර්තා කරයි.

චම්පික රණවක මහතා සෘජුවම රනිල් වික්‍රමසිංහ මහතා සමග සම්බන්ධ නොවී නිමල් ලන්සා මහතා මහතා ඇතුළු පිරිසක් විසින් ගොඩනගා ඇති නව සන්ධානය සමඟ එක්වී ඒ හරහා රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දෙනු ඇති බවද තවදුරටත් පැවසෙයි.