ස්ථීරයෙන්ම එන්නේ ජනාධිපතිවරණය නොව මහ මැතිවරණය බවත් ලබන 14 හෝ 15 පාර්ලිමේන්තුව අනිවාර්යයෙන්ම විසුරුවන බවත් රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා පවසනවා.
පෞද්ගලික රූපවාහිනී නාලිකාවක් සමඟ පැවති සාකච්ඡාවකට එක් වෙමින් උදයංග වීරතුංග මහතා මේ බව සඳහන් කළා.
මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමග එකඟත්වයට පැමිණ අවසන් බවද ජනාධිපතිවරණයට පෙර මහ මැතිවරණය පැවැත්වීමට ඇති කරගෙන ඇති එකඟතාව පිළිබඳව දන්නේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ එක් අයකු පමණක් බවද ඔහු මෙහිදී පවසා තිබෙනවා.
“ අගමැති අපේක්ෂකයෙක් නම් කරන්න බලාපොරොත්තුවක් නැහැ. ධම්මික පෙරේරා ඉතා ප්‍රබල අපේක්ෂකයෙක් විදියට ඉදිරිපත් වෙනවා. ඒ තීරණය තියෙන්නේ පොහොට්ටුවේ එක ඔලුවක විතරයි. පාර්ලිමේන්තු මැතිවරණයක් එනවා. පාර්ලිමේන්තුවේ බහුතරය ඒකට විරුද්ධයි. අනුර කුමාරත් විරුද්ධයි. ජාතික ජන බලවේගයට රැල්ලක් ඇවිල්ලා තියෙන්නේ සමාජ මාධ්‍යයෙන් පමණයි. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අපේක්ශකයා රනිල් වික්‍රමසිංහ නෙමෙයි. ඒක දැන් තීරණය කරල ඉවරයි.”