පාසල් 35 කට බෝම්බ අනතුරු ඇඟවීමක් නගරයේ ආරක්ෂාව තරකෙරේ

0
බෝම්බ අනතුරු ඇඟවීමක්

මීට වසර 16කට පෙර ජායිපූර් නගරය කම්පාවට පත් කළ බෝම්බ ප්‍රහාරමාලාවේ සංවත්සරය යෙදී තිබූ අද (13) දින විද්‍යුත් තැපෑල මගින් නගරයේ පාසල් 35 කට බෝම්බ අනතුරු ඇඟවීමක් ලැබීම හේතුවෙන් නගරයේ ආරක්ෂාව තර කිරීමට ජායිපූර් පොලිසිය කටයුතු කර ඇත.

නගරයේ ප්‍රසිද්ධ පාසල් ඇතුලුව පාසල් 35 ක විදුහල්පතිවරුන්ට පාසල් ගොඩනැගිල්ලක බෝම්බයක් අටවා ඇති බව දන්වමින් කිසියම් පුද්ගලයකු විද්‍යුත් ලිපියක් ඒවා තිබිණි.ඒ සමඟ එම පාසල්වල සිටි සිසුන් සියල්ලම පාසල් භූමිවලින් ඉවත් කිරීමට ඒ ඒ පාසල්වල කාර්ය මණ්ඩලය කටයුතු කළේය.වහාම ක්‍රියාත්මක වූ පොලිසිය සහ බෝම්බ නිෂ්ක්‍රීය අංශ අනතුරු ඇඟවීම ලැබුණු පාසල්වලට පැමිණ සෝදිසි කිරීම් කළත් අටවා තිබූ කිසිඳු බෝම්බයක් සොයා ගැනීමට නොහැකි වී ඇති බව ජායිපූර් පොලිසිය පැවැසුවේය.

එම විද්‍යුත් ලිපි එවූ පුද්ගලයා සොයා විමර්ශන ආරම්භ කර ඇති බවත් පාසල්වලට පමණක් නොව ඊයේ (12) දිනයේදී ජායිපූර් නගරයේ ගුවන් තොටුපොළ ඇතුළුව ස්ථාන රැසකට බෝම්බ අනතුරු ඇඟවීම් ලැබුණු බවත් ජායිපූර් පොලිසිය ප්‍රකාශ කළේය.