ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ශූරතාව ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට

0
තරගාවලියේ ශූරතාව

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම විස්සයි20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට්  තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ශූරතාව දිනාගැනීමට අද (8) සමත් විය.

අබුඩාබිහිදී පැවැති අවසන් මහ තරගයේදී ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල (169/5) ලකුණු 68 කින් ස්කොට්ලන්තය පිල (101/7) පරාජය කරමින් ශූරියෝ බවට පත්වූහ.

චමරි අතපත්තු නැවත වරක් ශ්‍රී ලංකා පිලේ ජයග්‍රහණයේ දැවැන්තම කොටස්කාරී බවට පත්වෙමින්  පන්දු 63 කදී හතරේ පහර 13 ක් සහ හයේ පහර 4  ක් සමගින් ලකුණු 102 ක් රැස්කිරීමට සමත් වූවාය.

ශූරතාව දිනූ  ශ්‍රී ලංකාව සහ අනු ශූරතාව හිමිකරගත් ස්කොට්ලන්තය, බංගලාදේශයේදී ලබන ඔක්තෝම්බර් මස පැවැත්වෙන විස්සයි20 කාන්තා ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීය.