දියතලාව Foxhill මෝටර් රථ ධාවන තරඟ අනතුරකින් පුද්ගලයින් 5 මියගොස් 21කට ආසන්න පිරිසකට තුවාල

0
දියතලාව Foxhill

දියතලාව FoxHill මෝටර් රථ හා  යතුරුපැදි ධාවන තරඟය අද (21) පැවති අතර මෝටර් රථ ධාවන  තරගයක් පැවැත්වෙන අතරවාරයේදී එක්  මෝටර් රථයක් ධාවන පථයෙන් ඉවතටපැනීමෙන්  සිදුවූ අනතුරකින්  තරඟය නරඹමින් සිටි පුද්ගලයින් පස් දෙනෙකු මියගොස්   ඇතැයි  පොලීසිය කියයි.

අනතුරින් තවත්   21 දෙනකු පමණ තුවාල ලබා  දියතලාව මූලික රෝහලට ඇතුලත් කළ බව දියතලාව පොලීසිය පැවසීය.

එක් මෝටර් රථයක්   අනතුරට ලක්වීමෙන් පසු එය නැරඹීමට ඉදිරියට පැමිණි පිරිසක් පසු පසින් ධාවනය වූ  තවත් මෝටර් රථයක හැපී මෙම අනතුර සිදුවූ බවට තොරතුරු අනාවරණය විනැයි  පොලිසිය පැවසීය.