කළ හැකි උපරිමය මෙන්ම අවංකව තම රාජකාරිය කල හැටි කියූ කතානායක

0
අවංකව තම රාජකාරිය

තමාට කළ හැකි උපරිමය මෙන්ම අවංකව තම රාජකාරිය සිදු කළ බවත්, තමා වෙනුවෙන් විපක්ෂය ගෙන එනු ලැබූ විශ්වාසභංගය දේශපාලන උවමනාවක් බව තමා විශ්වාස කරන බවත්, කතානායක මහින්ද යාපා අබේවර්ධන පවසනවා.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ තීරණය රටේ උත්තරීතර තීරණය බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කතානායකවරයා,

“මට කරන්න පුළුවන් උපරිමය මම අවංකව කෙරුවා… මේ දවස් වල හෙට අනිද්දා මැතිවරණයක් පවත්වනවා.එදාට විපක්ෂය මේ රටේ ජීවත්ව ඉන්නවා කියලා කියන්න ඒගොල්ලොන්ට අවශ්‍ය නිසා තමයි විශ්වාසභංගය ගෙනාවේ..

පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු ගන්න තීරණය තමයි උත්තරීතර තීරණය කවුරු ගත්තත්.පාර්ලිමේතු සම්ප්‍රදායේ හැටි එහ්මයි.මන්ත්‍රීවරු කියන්නේ මේ රටේ මහ ජනතව පත් කරපු නියෝජිතයෝ. ඒගොල්ලෝ ගන්න තීරණය කොයි පැත්තට ගත්ත ඒක තමයි උත්තරීතර තීරණය.”