මුලින්ම පැවැත්විය යුත්තේ මහ මැතිවරණය මහින්දත් කියයි

0
මහ මැතිවරණය

මේ වසරේ මුලින්ම පැවැත්විය යුත්තේ මහ මැතිවරණය බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දේශයට පැවසීය. මෙය තමන්ගේ පෞද්ගලික අදහස බවත් පක්ෂයේ නිල මතය පසුව ප්‍රකාශ කරන බවත් හිටපු ජනපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මහ මැතිවරණයට පසුව ජනාධිපතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් නීතිමය ගැටලුවක් නැත. සිය පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් අතර මුලින් පැවැත්විය යුතු මැතිවරණය සම්බන්ධයෙන් විවිධ මත සාකච්ඡා වෙමින් පවතී. එහෙත් ඒ සියලු දෙනාම අවසානයේ පක්ෂයේ නිල මතයට ගරු කරනු ඇති බවද රාජපක්ෂ මහතා කීය.

කෙසේ හෝ ඉදිරි සති කිහිපය තුළ මුලින්ම පවත්වන මැතිවරණය ගැන ආණ්ඩුවේ ප්‍රධානීන් සමඟ ද සාකච්ඡා කොට රටට ප්‍රකාශ කරන්නේ යැයි හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය.

දේශපාලන වාර්තාකරු I