පලස්තීන භූමියේ ඊශ්‍රායල ජනාවාස ඉදිකිරීම වේගවත් වේ

0
ඊශ්‍රායල ජනාවාස

බටහිර ඉවුර කේන්ද්‍ර කරගෙන ඊශ්‍රායලය අත්පත් කරගෙන සිටින පලස්තීන භූමියේ ඊශ්‍රායල ජනාවාස වසරක් තුළ දී වාර්තාගත අන්දමින් පුළුල් වී ඇති බව වාර්තා වෙයි.

බටහිර ඉවුරේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය මේ බව අනාවරණය කර තිබුණි.

2023 ඔක්තෝබර් දක්වා වසරක කාලයක දී බටහිර ඉවුරේ නව නිවාස 24,300ක් ඉදිකර ඇති බවට බටහිර ඉවුරේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය ඉදිරිපත් කළ වාර්තාවේ දැක්වෙයි.

එය 2017 වසරෙන් පසු වසරක් තුළ දී ඉදිකර ඇති විශාලතම නිවාස සංඛ්‍යාව බව වාර්තාවේ දැක්වෙයි.

නැගෙනහිර ජෙරුසලම ඇතුළුව බටහිර ඉවුර දිගු කාලීනව පාලනය කිරීම ඊශ්‍රායලයේ අරමුණ බව බටහිර ඉවුරේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය පවසයි.

මේ අතර බටහිර ඉවුරේ ප්‍රචණ්ඩ ක්‍රියා ද වැඩි වී ඇති බව වාර්තාවේ දැක්වෙයි.

ඔක්තෝබර් 7 ප්‍රහාරයෙන් පසුව බටහිර ඉවුරේ ඊශ්‍රායල වැටලීම් වර්ධනය කර ඇති බව වාර්තා වෙයි.

කෙසේ වුව ද ඊශ්‍රායල හමුදා පවසන්නේ ත්‍රස්තවාදීන් සොයා ඔවුන් මෙහෙයුම් දියත් කරන බවය.