මුසම්මිල්ගේ පුතා මහල් නිවාස සංකීර්ණයකදී තරුණියකට පහරදී පැනයයි. අල්ලන්න මෙහෙයුම්.

0
තරුණියකට පහරදී

කොළඹ හැව්ලොක් උද්‍යානයේ මහල් නිවාස සංකීර්ණයකදී තරුණියකට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඌව පළාත් ආණ්ඩුකාර ඒ ජේ එම් මුසම්මිල්ගේ පුත් මොහොමඩ් ඉෂාම් ජමාල්ඩීන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය විමර්ශනයක් ආරම්භ කර ඇත.

පොලීසිය පැවසුවේල මෙම කාන්තාවට ජමාල්ඩීන් විසින් පහර දී ඇති අතර ඇය තුවාල ලබා පෞද්ගලික රෝහලකට ඇතුළත් කර ඇති බවය.

පහරදීම සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලකට අනුව වැල්ලවත්ත පොලිසිය විමර්ශන සිදු කරන අතර සැකකරුගේ නිවෙස් දෙකක පුළුල් සෝදිසි කිරීම් ආරම්භ කර ඇතත් ඔහු තවමත් අත්අඩංගුවට ගෙන නොමැත.

ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකුගේ දියණියක වන මෙම කාන්තාව විවාහ වී සිටින්නේ ඕස්ට්‍රේලියානු පුරවැසියෙකු සමග බවටත් වාර්තා වෙයි.

සිදුවීම ගැන අධිකරණයට දන්වා ජමාල්ඩීන්ට විදේශ ගමන් තහනමක් ද ලබාගෙන ඇති බව පොලිසිය සඳහන් කරයි.