ගෝඨාභය රාජපක්ෂගේ යැයි පැවසෙන කතරගම ඉඩම ගැන ප්‍රකාශයක් දෙයි

0
ගෝඨාභය රාජපක්ෂ

ප්‍රකාශයයක් ලබාදීම සඳහා අද (17) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ටික වෙලාවකට පසු ඉන් පිටත්ව ගොස් ඇත.

ඔහු පැය එකහමාරකට ආසන්න කාලයක් ප්‍රකාශ ලබා දී ඇති බව වාර්තාවේ.

කතරගම ප්‍රදේශයේ ජී. රාජපක්ෂ නමින් පිහිටි ඉඩමක විදුලි සම්බන්ධතාවක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකරගෙන යනු ලබන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා ඔහු මෙලෙස පැමිණ තිබුණි.