500 කට අධික පිරිසක් දුම්රිය ගමන නවතාලමින් විරෝධයක

0
දුම්රිය ගමන නවතා

යතුරු පැදියක ගමන් ගනිමින් සිටි තරුණයකු මුන්දලම පුලිච්චාකුලම දුම්රිය හරස් මාර්ගයෙදී දුම්රියෙ ගැටි මරණයට පත් විමේ සිද්දිය මුල් කර ගනිමින් ඇතිවු සිද්දියෙන් පසු 500 කට අධික පිරිසක් දුම්රිය ගමන නවතාලමින් පැවති විරෝධය හේතුවෙන් ඊයේ(28) සවස දුම්රීය ගමන පැයකට ආසන්න කාලයක් නැවති ගිය බව මුන්දලම පොලිසිය කියයි.

මෙම පුලිච්චාකුලම අනාරක්ෂීත දුම්රීය හරස් මාර්ගයෙදී යතුරු පැදිය අනාරක්ෂීත අයුරින් ධාවනය කරමින් සිටි එම ප්‍රදේශයෙම  මොහොමඩ් අස්ලාන් නැමති 19 හැවිරිදි තරුණයකු එම ස්ථානයෙදීම මරණයට පත්වු බව මුන්දලම පොලිසිය කියයි.

කොළඹ කොටුවේ සිට දහවල් 11.55 ට පුත්තලම බලා එමින් සිටි අංක 8417 දරණ දුම්රීයෙ සවස 3.30 ට පමන පුලිච්චාකුලම අනාරක්ෂීත දුම්රිය හරස් මාර්ගයෙදී යතුරු පැදියෙන් පුලිච්චාකුලම නගරයට පැමිණේමින් සිටි තරුණයකු ගැටි තිබු අතර අනතුරීන් තරුණයා මිටර් 100 කට අධික දුරක් ඇදි ගොස් එම ස්ථානයෙදීම මරණයට පත්ව තිබු බව පොලිසිය කියයි.

දුම්රිය ගමන නවතා

දුම්රිය ගමන නවතා