තවත් කොවිඩ් මරණ 42ක් – 8 දෙනෙකු නිවසේදීම මියයයි

0
Covid 19 deaths - තවත් කොවිඩ් මරණ 42ක් - 8 දෙනෙකු නිවසේදීම මියයයි

ශ්‍රී ලංකාවෙන් කොරෝනා වෛරසය ආසාදිත තවත් මරණ 42ක් වාර්තාවී තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 1608ක් ලෙසටයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ දිනයේ තහවුරු කළ මෙම මරණ අතරින් 3ක් ඊයේ සිදුවූ ඒවායි.

අනෙක් මරණ 39 සිදුවී ඇත්තේ මැයි මස 11 වනදා සිට ඊයේ (02) දිනය දක්වායි.

ඊයේ තහවුරු කළ මෙම මරණ අතරට කාන්තාවන් 17 දෙනෙකු සහ පිරිමි පුද්ගලයන් 25 දෙනෙකු වනවා.

ඉන් පුද්ගලයන් 8 දෙනෙකු නිවසේදී මියගොස් ඇති අතර රෝහල් ගතකරන අවස්ථාව වන විට මියගිය සංඛ්‍යාව 03ක්.

රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින අතර 31 දෙනෙකු මරණයට පත්වී තිබෙනවා.

මේ අතර ඊයේ දිනයේ වාර්තාවූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව තුන්දහසේ සීමාව ඉක්මවා ගියා.

ඊයේ වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් ගණන මෙතනින්

මෙරට කොවිඩ් 19 පිළිබඳව නවතම තත්ත්ව වාර්තාව මෙතනින් බලන්න