කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රබල දේශපාලඥයන් දෙදෙනෙකු සමගි ජන බලවේගයට

0
සමගි ජන බලවේගයට

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජනය කරන කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රබල දේශපාලඥයන් දෙදෙනෙකු සමග ජන බලවේගයට එක්වීම සඳහා සාකච්ඡා පවත්වමින් ඇති බව වාර්තා වෙයි.

මින් එක් දේශපාලඥයකු දේශපාලන සන්ධානයක ප්‍රබල තනතුරක් දරන්නකු වන නතර අනෙක් දේශපාලඥයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආසන සංවිධායක ධුරයක් දරන්නෙකි.

මෙම දෙදෙනා සමගි ජන බලවේගයට එක්වුවට වුවද ඔවුන්ට එහි ආසන සංවිධායක තනතුරු හිමි නොවනු ඇති බවද වාර්තා වෙයි.

මෙම දෙදෙනා වෙනුවට වෙනත් අය අදාළ තනතුරැවලට පත් කරගැනීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දැනටමත් තීරණය කර ඇති බවද දැනගන්නට ඇත.