ජනපතිටත් හොරෙන් රුසියානු සහ යුක්‍රේන සංචාරකයින් දින 14ක් ඇතුළත රටින් එලවන කුමන්ත්‍රණයක් ?

0
රුසියානු සහ යුක්‍රේන සංචාරකයින්

රුසියානු සහ යුක්‍රේන සංචාරකයන් සඳහා මීට පෙර ලබා දී ඇති වීසා දීර්ඝ කිරීම් අවලංගු කිරීමට ශ්‍රී ලංකා රජය නිල වශයෙන් තීරණය කර නොමැති බව ද ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

මේ අතර මෙරට රැඳී සිටින රුසියානු සහ යුක්‍රේන සංචාරකයින්ට දින 14ක් ඇතුළත රටින් පිට වන ලෙස දැනුම්දීම සඳහා රජය මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය සඳහන් කරන්නේ, ගැටලුව සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් සිදු කරන බව ය.