වැඩ වර්ජනයක නිරත වරාය සේවකයන්ගේ වැඩ තහනම් ?

0
වරාය සේවකයන්ගේ වැඩ තහනම්

වැඩ වර්ජනයක නිරත වන වරාය සේවකයන්ගේ වැඩ තහනම් කර අධිකරණයට ඒ ගැන දැනුම් දීමට සූදානම් බව වරාය අධිකාරියේ උසස් නිලධාරියෙක් සඳහන් කළේය.

වෛද්‍ය නිවාඩු සඳහා ගෙවූ දීමනාවට බදු අය කිරීමට විරෝධය දක්වමින් වරාය සේවකයෝ වර්ජනයක නිරත වෙති.

බොහෝ රාජ්‍ය හා පුද්ගලික ආයතනවල සේවයකයන්ගේ දීමනා කපා ඇති තත්ත්වයක් යටතේ වරාය අධිකාරියට පමණක් සේවකයන්ගේ වෛද්‍ය නිවාඩු සඳහා දීමනාව ගෙවූ බවත් එම දීමනාවෙන් බදු අය කිරීම රජයේ බදු ප්‍රතිපත්තිය මිස වරාය අධිකාරිය තීරණයක් නොවන බවත් ඔහු සඳහන් කළේය.

එසේ අය කරන ලද බදු මුදල් වරායට නොලැබෙන බවත් එය මහා භාණ්ඩාගාරයට යොමු කරන බවත් ඔහු පෙන්වා දෙයි.

ඒ නිසා මේ පිළිබඳව වැඩ වර්ජනය කළ නොහැකි බවට අධිකරණ නියෝගයක් ලබාදී තිබියදී වර්ජනය කිරීම අධිකරණ නියෝගය නොසලකා හැරීමක් බවත් ඔහු තවදුරටත් පැවසුවේය.