තෙවැනි සහ අවසන් 20යි 20 තරගයෙන් ඇෆ්ගනිස්තානයට ලකුණු 03ක ජයක්

0
තෙවැනි සහ අවසන් 20යි 20

 

කාසියේ වාසිය දිනූ ඇෆ්ගනිස්තාන නායකයා පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර, ඒ අනුව ඔවුහු පන්දුවාර 20 අවසානයේ කඩුලු 05ක් දැවී ලකුණු 209ක් රැස් කළ හ.

රහමනුල්ලා ගුර්බාස් ලකුණු 70ක් රැස් කළ අතර, හස්රතුල්ලා සසායි ලකුණු 45ක් රැස් කළේ ය.

පන්දු යැවීමේ දී මතීෂ පතිරණ සහ අකිල ධනංජය අතරේ කඩුලු 02 බැගින් බෙදී ගියේ ය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රි ලංකාවට කඩුලු 06ක් දැවී රැස් කර ගැනීමට හැකි වුණේ ලකුණු 206ක් පමණි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් විශිෂ්ට පිතිකරණයක යෙදුණු පැතුම් නිස්සංක ලකුණු 60ක් රැස් කළේ ය.

නමුත් අවාසනාවන්ත ලෙස ආබාධයකට ලක් වීම නිසා ඔහුට පිටියෙන් ඉවත් වීමට සිදු විය.

පැතුම්ගේ ඉවත් වීමෙන් පසු ශ්‍රී ලංකා ඉනිමේ බර කරට ගත් කමිඳු මෙන්ඩිස් ලකුණු 65ක් රැස් කළේ ය.