ඉදිරියේදී සංශෝධන කලත් මාර්ග ගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනත් කෙටුම්පත බලාත්මකයි.

0
මාර්ග ගත ක්‍රමවල සුරක්ෂිත භාවය

සංශෝධන  පාර්ලිමේන්තුවේ සම්මත කරන තෙක් මාර්ග ගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනත් කෙටුම්පත බලාත්මක බව අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය  ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.

පනත සම්මත කිරීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී ලබන සතියේ විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය.

පනත් කෙටුම්පතට නව සංශෝධනය කිරීමට තවත් මාසයක පමණ කාලයක් ගත වනු ඇති බවද  ඔහු කීවේය.